අවුරුදු 13ක නැගෙණිය අඹුකමට ගත් 21 හැවිරිදි එකකුස උපන් උපැවදි සහෝදරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

අවුරුදු 13ක නැගෙණිය අඹුකමට ගත් 21 හැවිරිදි එකකුස උපන් උපැවදි සහෝදරයා අත්අඩංගුවට

අවුරුදු 13ක නැගෙණිය අඹුකමට ගත් 21 හැවිරිදි එකකුස උපන් උපැවදි සහෝදරයා අත්අඩංගුවට

අවුරුදු දෙකක පමණ සිට වයස අවුරුදු 13 ක් වූ තම නැගණිය හොර රහසේ අඹුකමට තබාගෙන සිටි 21 හැවිරිදි සහෝදරයෙකු පසුගිය 01 දින සැකපිට දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා වසර ගණනාවක් පැවිදිවී සිට පසුව උපැවිදි වී නිවසේ සිටින බාලවයස්කාර නැගණිය බරපතල ලෙස ලිංගික අපයෝජනයන් වලට යොදා ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

දඹුල්ල, ලෙනදොර ප්‍රදේශයේ ගමක ජනතාව 1929 කෙටි දුරකථන අංකය හරහා ලබා දුන් මෙම තොරතුරු ඔස්සේ දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලු‍කා විජේසුන්දර මහත්මිය ඇතුළු කණ්ඩායමක් මෙය අනාවරණය කරගෙන ඇත.

 

පියා මව වයස අවුරුදු 13ක් වූ නිවුන් සහෝදරිය සහ සහෝදරයා මෙන්ම වයස අවුරුදු විසි එකක් වූ වැඩිමල් සහෝදරයා ජීවත්වන බව පොලීසිය පවසයි. 

 

වසර කිහිපයකට පෙර මෙම පවුලේ වැඩිමල් සහෝදරයා වූ අත්අඩංගුවේ පසුවන විසි එක් හැවිරිදි සැකකරු නාවුල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිවී සිට පැවිදි භාවයේ සිටියදී බොහෝ අවස්ථාවන් වල නිවසට පැමිණ සහෝදර සහෝදරියන් සමඟ නිවසේ සිට ඇති බවත් පසුව උපැවිදි වී නිවසේ සිටින බවත් පොලීසිය කියයි.

 

කුඩා කාමර දෙකක ජීවත්වන මොවුන් විවිධ ආර්ථික දුෂ්කරතා වලින් හෙබි පවුලේ මව සහ අනෙකුත් දරුවන් සියලු‍ දෙනාම එකම ඇඳක නිදා ගන්නා බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
 

එම අවස්ථාවන් වලදී වසර දෙකක පමණ කාලයක සිට නිවස තුළදීම මෙම දැරියට ලිංගික අපයෝජනයක් සිදුව ඇති බව සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 

මෙම දහතුන් හැවිරිදි දියණියගේ නිවුන් සහෝදරයාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තම සහෝදරිය අපයෝජනයට ලක් කළ විසි එක් හැවිරිදි අත්අඩංගුවේ පසුවන තරුණයාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී තමන් වසර දෙකක පමණ කාලයක සිට ජංගම දුරකථනය හරහා අසැබි වීඩියෝ දර්ශන නැගනියට පෙන්වා ඒ සඳහා පොළඹවා ගත් බවත් මෙම කතාව හෙළිදරව් කරන්නේ නම් නැගණිය ඝාතනය කරන බවට තර්ජනය කළ බවත් පිළිගෙන ඇතැයි පොලිසිය පැවසීය. 

 

පවුලේ මව යම්කිසි මානසික ආබාධයකින් පෙළෙන අතර පියා ගලේවෙල ප්‍රදේශයේ කම්කරු රැකියාවක නිරත වන බවත් ඔහු සතියකට වරක් පමණක් නිවසට එන බව පොලිසිය පවසයි. 


පොලිස් භාරයට ගත් දහතුන් හැවිරිදි දැරිය දඹුල්ල රෝහලේ රෝහල්ට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

26253 Views

Comments

arrow-up