තිදරු පියාට මරු කැඳවූ මාරාන්තික පිහිපහර

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමකදී සිදුවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ගනේවත්ත තඹගල්ල ප්‍රදේශයේදී ඊයේ (26) එම සිදුවීම වී තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව, ඉහළ පලුකුමුදෑව ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකර සාලිය කුමාර නැමැති 46 හැවිරිදි තිදරු පියෙක් වන අතර ඔහු වෘත්තීයෙන් මෝටර් රථ කාර්මිකයෙකි.
මියගිය පුද්ගලයා ඊයේ පස්වරුවේ ගනේවත්ත, තඹගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගෝලයෙකුගේ නිවසට පැමිණ තිබේ.
එම අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගෝලයා සිදුකළ පිහි ඇනුමකින් අදාළ පුද්ගලයා මියගොස් ඇත.
පිහි ඇනුම සිදුකළ සැකකාර පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
936 Views
Comments