මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

මාගාල්ල වරායෙන් පිටත්වගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙකු මුහුදට වැටී අතුරුදන්වී ඇති බව වාර්තා වේ.

 

 

පසුගිය 9වනදා මෙම ධීවර යාත්‍රාව මාගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට ගාල්ල වරාය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ (20) දහවල් කාලයේදීයි.

 

 

මෙම පුද්ගලයා මුහුදට වැටී අතුරුදන්ව ඇත්තේ ධීවර වරායට නාවික සැතපුම් 400ක් පමණ දුරකින් බව අනාවරණ වී ඇත.

views

740 Views

Comments

arrow-up