ත්‍රීරෝදයෙන් පැමිණ මහ මග සිටි අයෙකුගේ අත් පා තියුණු ආයුධයකින් වෙන් වෙන්න කපා පලා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

ත්‍රීරෝදයෙන් පැමිණ මහ මග සිටි අයෙකුගේ අත් පා තියුණු ආයුධයකින් වෙන් වෙන්න කපා පලා යයි

ත්‍රීරෝදයෙන් පැමිණ මහ මග සිටි අයෙකුගේ අත් පා තියුණු ආයුධයකින් වෙන් වෙන්න කපා පලා යයි

පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් පැමිණි මඩපාත පොල්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මහ මග රැඳී සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.

 

එම ආයුධ ප්‍රහාරයෙන් පහර කෑමට ලක්වු පුද්ගලයාගේ දකුණු අත මැණික් කටුව අසලින් වෙන් වී ඇති අතර පාද දෙකටද බරපතළ ලෙස තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

 

මෙම සිද්ධියෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

 

ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් රතු පාටට හුරු ත්‍රීරෝද රථයකින් පැමිණි බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඔවුන් කොළමුන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බවට තුවාලකරු විසින් හඳුනාගෙන ඇතැයිද පොලිසිය කියයි.

 

 1990 සුවසැරිය ගිලන් රථයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

 

මෙම ප්‍රහාරයට හේතුව නිශ්චිත ලෙස අනාවරණයවි නොමැති බව පොලීසිය කියයි.

 

කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

927 Views

Comments

arrow-up