ගුරුවරුන් සිය ගණනක් පැමිණ මාවනැල්ල පොලීසිය වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

ගුරුවරුන් සිය ගණනක් පැමිණ මාවනැල්ල පොලීසිය වටලයි

ගුරුවරුන් සිය ගණනක් පැමිණ මාවනැල්ල පොලීසිය වටලයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පලකරමින් ගුරුවරුන් හා දෙමාපියන් පිරිසක් අද (07) මාවනැල්ල පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

 

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි අරගලයට සහය දක්වමින් පසුගිය 03 වනදා දෙමව්පියන් පාසල් මට්ටමින් දිවයින පැවති විරෝධතාවයකදී මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලයේ ඇතිවූ සිදුවීමට නීති ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් මෙම උද්‍ඝෝෂණය ක්‍රියාත්මක කෙරුණා.

 

එදින මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලයට තවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමගින් කඩාවැදුණු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මන්ත්‍රීවරයා ගුරුවරුන්ට තර්ජනය කරමින් එහි විරෝධතාවයේ නිරතවූ දෙමාපියන්ව එළවා දැමුවා.

 

කෙසේවෙතත් සිදුවීම සිදුවී දින ගණනාවක් ගතව ඇතත් ඔහුට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය පා අද දින ගුරුවරුන් විසින් මාවනැල්ල පොලීසිය වැටලීමට කටයුතු කර තිබෙනවා.

views

821 Views

Comments

arrow-up