ලන්වා සිමෙන්ති කම්හලක් මිරිජ්ජවිලට

“ලන්වා” සිමෙන්ති නිෂ්පාදන කාර්මාන්තශාලාවක් මිරිජ්ජවිල ආයෝජන මණ්ඩල කලාපයේ ලබන ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ මුලික ධාරිතාව මෙටි්‍රක්ටොන් මිලියනයක් පමණ වන අතර පසු එහි සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන තුන දක්වා ඉහළ දැමීමට නියමිතව ඇත.
එම කර්මාන්තශාලාවට පහසුකම් සැපයීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ ලංවා සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් පසුගිය දින කොළඹදී අත්සන් කරන ලදී.
එම ගිවිසුමට අනුව හම්බන්තොට වරායෙන් සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හැසිරවීම සඳහා කන්ටේනර් ගොඩබෑමේ යන්ත්‍ර දෙකක් ස්ථාපිත කිරීම ඇතුළු පහසුකම් සැපයීමට නියමිතය.
මෙම සමාගමෙන් සෘජු රැකියා 300ක් හිමිවන බව “ලන්වා” සිමෙන්ති සමාගම සඳහන් කරයි.
779 Views
Comments