බිරිඳට හිරිහැර කරනවාට හරස් වූ නැන්දම්මාව සෙබළ බෑනා කපා මරයි - මාමා ආසාධ්‍යව රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

බිරිඳට හිරිහැර කරනවාට හරස් වූ නැන්දම්මාව සෙබළ බෑනා කපා මරයි - මාමා ආසාධ්‍යව රෝහලට

බිරිඳට හිරිහැර කරනවාට හරස් වූ නැන්දම්මාව සෙබළ බෑනා කපා මරයි - මාමා ආසාධ්‍යව රෝහලට

විශ්‍රාමික හමුදා සෙබළෙකු බව කියන බෑනාගේ ප්‍රහාරයකට ලක් වූ නැන්දම්මා මියගොස් මාමා බරපතළ තුවාල ලබා ඇතැයි අඟු‍රුවාතොට පොලිසිය පවසයි. 

 

හිටපු හමුදා සෙබළ බෑනා අදාළ ඝාතනයට යොදාගත් තියුණු ආයුධයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබෙන්නේ සුදුවා දේවගේ වසන්තා රම්‍යලතා නැමැති 58 හැවිරිදි දෙදරු මවකි.

 

මියගිය කාන්තාව විසින් තම දියණියට බෑනා හිරිහැර කරන බවට තෙබුවන පොලිසියට මෙන්ම කළුතර කාන්තා කාර්යාංශයට පැමිණිලි රැසක් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

 

එලෙස සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධව දෙපාර්ශ්වයම කැඳවා ගෙන්වා විභාග කර ඇතැයිද විමර්ශනවලදී අනාවරණවූ බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

පැමිණිල්ල විභාගයට ගැනුණු දිනම රාත්‍රී 9ට පමණ යතුරුපැදියකින් පැමිණ තිබූ සැකකාර සෙබළා නැන්දම්මා සහ මාමණ්ඩි නිදාසිටි නිවසට ඇතුළුවී මෙම අපරාධය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

views

12646 Views

Comments

arrow-up