‘‘මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් ගමන් විනාශ කිරීමේ නීති සකස් කරනවා” - ආරක්‍ෂක ලේකම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

‘‘මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් ගමන් විනාශ කිරීමේ නීති සකස් කරනවා” - ආරක්‍ෂක ලේකම්

‘‘මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් ගමන් විනාශ කිරීමේ නීති සකස් කරනවා” - ආරක්‍ෂක ලේකම්

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් විගස අධිකරණයට ඉදිරිපත්කර එම මත්ද්‍රව්‍ය සාම්පල කිහිපයක් තබාගෙන විනිසුරුවරයා ඉදිරියේම මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අවශ්‍ය නීති අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව සකස් කරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීම හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් හටගෙන ඇති බව සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා රට තුළ මත්ද්‍රව්‍ය මිලද ඉහළ ගොස් ඇතැයිද පැවසුවේය.

 

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම නිසා මෙරට තුළ ක්‍රියාත්මත මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වී තිබෙන බවත් මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

views

750 Views

Comments

arrow-up