එන්නත් කාඩ්පත අනිවාර්යයි - කාඩ්පත නැත්නම් පොදු ස්ථාන තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

එන්නත් කාඩ්පත අනිවාර්යයි - කාඩ්පත නැත්නම් පොදු ස්ථාන තහනම්

එන්නත් කාඩ්පත අනිවාර්යයි - කාඩ්පත නැත්නම් පොදු ස්ථාන තහනම්

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට ලබාගෙන ඇති නීති උපදෙස් සැලකිල්ලට ගෙන, ඉදිරියේ කාලයේදී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ.

 

කොවිඩ් මර්දන විශේෂ කමිටුව පසුගිය 10 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

 

එළඹෙන උත්සව සමයේදී කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අධි මාත්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලෙස ලබා දෙන ෆයිසර් එන්නත ඉදිරි දෙසතියේ ලබාදී අවසන් කරන්නැයිද මෙහිදී ජනාධිපතිවරයා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයින්ට උපදෙස් දී තිබේ.

 

දෙවන මාත්‍රාව ලබා ගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලූ දෙනා අධි මාත‍්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරයි. 

 

ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් පෙරේදා(11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව හිමිවේ.

views

768 Views

Comments

arrow-up