නොරොච්චෝලෙ නැවතත් ලෙඩ වෙයි

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ නැවතත් ඇති වු දෝෂයක් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක පමණ විදුලි සැපයුම සීමා කිරීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ බොයිලේරුවල ජල කාන්දු වීමක් සිදු වන බැවින් එය යථා තත්ත්වයට පත් කර ගැනීමට දෙවන ජනන යන්ත්‍රය පද්ධතියෙන් ඉවත් කර ඇත.
එම නිසා විදුලි ජනන ධාරිතාවය විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බැවින් පැය භාගයක පමණ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයිම සීමා කිරීමට සිදු වෙනවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසූහ.
889 Views
Comments