සල්ලි නැතුව ලස්සන වෙන්නෙ මෙහෙමයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

සල්ලි නැතුව ලස්සන වෙන්නෙ මෙහෙමයි

සල්ලි නැතුව ලස්සන වෙන්නෙ මෙහෙමයි

කාන්තා පිරිමි බොහෝ දෙනා අද වනවිට රූපය පිළිබඳ වඩා සැලකිලිමත් වෙනවා. මේ නිසාම ගොඩක් මුදල් වියදම් කරලා විවිධ සත්කාර සඳහා ඔවුන් යොමු වෙනවා. නමුත් ලස්සන වෙන්න මුදල් අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔබත් මේ උපදෙස් ටික අත් හදා බලන්න.

  • දිනපතා ජලය නිසි ප්‍රමාණයට පානය කිරීම රුව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අංගයක්. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා මිනිස් සිරුර නොයෙකුත් ආසාත්මිකතා වලට ගොදුරු වෙනවා. දහඩිය මලමුත්‍රා නිසිලෙස පහ වීම සිදු නොවීමට ජලය ප්‍රමාණවත් තරම් පානය නොකිරීම සෘජුවම බලපානවා. අප ගන්නා ආහාර නිසි ලෙස ජීරණය වීමටත් ප්‍රධාන ඉන්ධනය ලෙස ක්‍රියාකරන්නේ ජලයයි. මේ නිසා දිනකට අවම වශයෙන් වතුර බෝතල් හතරක් හයක් පමණ ප්‍රමාණයක් පානය කිරීමට අමතක නොකරන්න. පැය භාගයෙන් භාගයකට වතුර මිලිලීටර 250 ක් 300 ක් පමණ පානය කිරීම මුලදී ඔබට මදක් අපහසු ලෙස දැනුනත් සිතාමතා ජලය පානය කිරීමට යොමු වීමෙන් සතියකට පසු එම සිරිත ඔබට කිසිසේත්ම ආගන්තුක වෙන්නේ නැහැ.

 

  • රුව සම්පත ගැන සිතන අය උෂ්ණාධික කෑම හැකි පමණ අඩුවෙන් ආහාරයට ගැනීමත් වැදගත් වෙනවා. උෂ්ණාධික ආහාර ලෙස සැලකෙන ඉස්සන් දැල්ලන් බලමාළු බල කරවල වැනි ආහාරවලින් වැළකී සිටීම අපහසු නම් සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් ඖෂධීය ගුණයන්ගෙන් පිරුණු කොළ කැඳ පානය කරන්න. එය ශරීරයේ විෂ නසා ඔබේ සම පැහැපත් තබා ගැනීමට උපකාරී වෙනවා.

 

  • මුහුණේ කුරුලෑ අධිකව ඇති අයට කරපිංචා කොළ කැඳ පානය කරපිංචා ලුණුමිරිස ඉතාම ගුණදායක වෙනවා.

 

  • හොඳින් නටන උණු ජලය භාජනයකට දමා වාෂ්ප මුහුණට ඇල්ලීමෙන්ද සම තුල ඇති සියුම් ව්‍යුහයන් තුළට කා වැදී ඇති කුණු දූවිලි තෙල් ගතිය ඉවත් කිරීමට උපකාරි වෙනවා.

 

  • ඔබේ ගෙවත්තෙන්ම සොයාගත හැකි කෝමාරිකා සම පිරිසිදු කරන හොඳ ක්ලෙන්සර් එකක් ලෙස ඔබට භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා පිත්තක් ගෙන එහි පැත්තකින් පොත්ත ඉවත් කර තේ හැන්දකින් පහසුවෙන් එහි මදය සූරා ගන්න පුළුවන්. මෙහි ඇති කොළ පාට ස්‍රාවය ජෙලි තට්ටුවකට එකතු කිරීමෙන් වලකින්න.

 

  • මුහුණේ මැරුණු සම ඉවත් කිරීමට ගන්නා ඖෂධයක් නැත්නම් ස්ක්‍රබ් එකක් ලෙස කුරුඳු කබලේ බැඳ සිහින් වන්නට කුඩු කර ඊට කොහොඹ කොළ යුෂ හා දෙහි ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කර උඩු අතට හොඳින් සම්බාහනය කරන්න.

 

  • රාත්‍රි නින්දට යාමේදී පවා කාන්තාවන් විවිධ ආලේපන මුහුණේ තවරා ගෙන නින්දට යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. රාත්‍රි නින්දට යාමේදී කිසිම ආලේප වර්ගයක් භාවිත නොකළ යුතුයි. මුහුණ රාත්‍රී කාලයේදී ආලේපනයකින් තොරව නිදහස්ව තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.

 

  • මුහුණේ හා සිරුරේ පැහැපත් බවට ඍජුවම මනස බලපෑම් කරන බව මතක තබාගත ගත යුතු වෙනවා. උදේ හවස ආගමික වතාවත්වල යෙදීමෙන් දැහැමි ජීවිතයක් ගත කරමින් සන්සුන් මනසකින් භාවනාවක නිරත වෙනවා නම් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව හදිසි කෝපයට මනස තුළ ඉඩක් නොතිබෙනවා නම් මුහුණ වගේම ශරීරයත් මනා පැහැපත් බවකින් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.


සල්ලි නැතුව ලස්සන වෙන මේ රහස් ටික ඔබත් ජීවිතේට පුහුණු කරගන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

photo source : Internet

views

664 Views

Comments

arrow-up