පාලම් පාරු සදහා නව නීති හදුන්වාදීමට යයි

පාසල් දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට මරු කැදවමින් කින්නියා කලපුවේ සිදුවූ ඛේදවාචකයෙන් පසු පාලම් පාරු සදහා නව නීති හදුන්වාදීමට අවධානය යොමුව ඇත.
ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති පාලම් පාරු හා බෝට්ටු සදහා අවසර ලබාදීමේදී නව නිර්ණායක හදුන්වාදීමටයි තීරණය කර ඇත්තේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ මගීන් යාත්‍රා කරන පාලම් පාරු සම්බන්ධයෙන් විශේෂ තත්ත්වය පරීක්‍ෂාවක්ද සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් වැඩිදුරටත් පැවසුවේ සෑම මාසයකටම වරක්ම මෙම නිර්ණායක අනුගමනය කරනවා දැයි විශේෂයෙන් සොයාබලන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.
725 Views
Comments