APR
12
මගින් 2000 ක් සමග ප්‍රංශ නෞකාවක් දිවයිනට

සංචාරකයින් 2,125 දෙනෙකු රැගත් එම්.සී.එස් .පෝෂියා මගී ප්‍රවාහන නෞකාව අද (12) දහවල් කොළඹ වරායට සේන්දු වී ඇති බව වාර්තා වේ.
වරාය අධිකාරිය ප්‍රකාශ කළේ ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නෞකාව මලයාසියාවේ සිට මෙරටට පැමිණි අතර, එහි කාර්ය මණ්ඩලය 916 දෙනෙකුගෙන් සමන්විත බවයි.
මෙම නෞකාව මීළඟට ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත බවද සඳහන් වේ.
178 Views
Comments