සිරුරෙන් වෙන් වූ අතක් පැය හතරකින් බද්ධ කළ කෑගල්ල මහ රෝහලේ විශ්මිත වෙදදුරෝ

කෑගල්ල එරබදුපිටිය ප්‍රදේශයේදී ඥාතීන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මන්නා ප්‍රහාරයක් එල්ලවීමෙන් සිරුරෙන් වෙන්වී තිබූ 21 හැවිරිදි තරුණියකගේ අතක් පැය 04 ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍යවරුන් සමත් වූ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි.
මෙම ප්‍රහාරයෙන් තරුණියගේ වම් අතේ පහළ කොටස වෙන්වී ගොස් ඇති අතර, අයිස් බෑගයකට දැමූ වෙන් වී ගිය අත් කොටස සමග තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් යුහුසුලු වී තිබේ.
මෙම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් තරුණියගේ සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධ කිරීම සඳහා සැත්කමක් ආරම්භ කොට තිබෙන අතර, එම ශල්‍යකර්මය සාර්ථක වූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කොට සිටී.
සැත්කමින් අනතුරුව තරුණිය කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, තරුණියගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් කියා සිටී.
මෙම සැත්කමට සහය දුන් කෑගල්ල මහ රෝහලේ සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව වෙත විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සිය කෘතඥතාව පළ කොට සිටී.
237 Views
Comments