වගා හානි අවම කරන්න අමාත්‍ය අමරවීරගෙන් යෝජනාවලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

වගා හානි අවම කරන්න අමාත්‍ය අමරවීරගෙන් යෝජනාවලියක්

වගා හානි අවම කරන්න අමාත්‍ය අමරවීරගෙන් යෝජනාවලියක්

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා ජනප්‍රිය නොවන පියවර ගැනීමට සිදුවන බවත්, වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳ සෘජු අවසන් නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටී.

 

අද දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් 2022 වසරේ සිදු කරන ලද පර්යේෂණ වාර්තා  5 ක් ජනගත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

 

විශේෂයෙන් මෙහිදී 2021 රසායනික පොහොර භාවිතය තහනම් කිරීම නිසා වගාවන්ට සිදු වූ බලපෑම, ආර්ථික අර්බුදය නිසා ගෘහාශ්‍රිත ජීවිත සඳහා එල්ල වූ බලපෑම, වනසතුන්ගෙන් වගා හානි සඳහා සිදු වන බලපෑම යන අංශ සම්බන්ධව පර්යේෂණ වාර්තා මෙහිදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

 

මෙම අවස්ථාවට විශ්විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර මෙහිදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදුකළ පර්යේෂණ වාර්තා අමාත්‍යවරයාට භාරදීම එහි අධ්‍යක්ෂ ගොයිගොඩගමගේ බන්දුල මහතා විසින් සිදු කරනු ලැබීය.

views

89 Views

Comments

arrow-up