අනියම් සැමියාට නිරුවත් ඡායාරූප යැවූ බිරිඳ මරන්න කඩුවක් අරන් ගිය සැමියා පොලිස් දැලේ

නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කිරිමට සූදානම් වී සිටි පානදුර මෝරරවිල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අඩි දෙක හමාරක් පමණ දිගැති කඩුවක්ද සමග අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරුගේ බිරිය අනියම් සම්බන්ධයක් පවත්වන පුද්ගලයෙකුට ඇයගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් යවා ඇති බවට සැලවීමෙන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබූ බව වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
එයින් උරණ වී සිටි සැකකරු ඊයේ පස්වරුවේ බිරිදගේ නිවසට ගොස් ජනෙල් වීදුරු කඩා හානිකර ඇය ඝාතනය කිරීමේ අරමුණින් තියුණු කඩුවක් රැගෙන සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන නිවසේ සඟවා තිබූ අඩි දෙක හමාරක් පමණ දිගැති කඩුවද සමග පොලිස් භාරයට ගෙන තිබේ.
ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
269 Views
Comments