ඉදිරියේදී බිත්තර විකිණීම කිලෝ ගණනට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඉදිරියේදී බිත්තර විකිණීම කිලෝ ගණනට

ඉදිරියේදී බිත්තර විකිණීම කිලෝ ගණනට

දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීමේ යෝජනාව පාරිභෝගිකයාට සාධාරණ එකක් බවත්, ඉදිරියේදී ඒ පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටී.

 

සාමාන්‍ය බිත්තරයක් ග්‍රෑම් 35 සිට 70 දක්වා බරැති බවත්, ඒ අනුව කිලෝ ගනනට අලෙවි කිරීමේදී බිත්තරයක මිල රුපියල් 40 ක් පමණ වන බවත් පෙන්වා දෙන ඒ මහතා, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍,ය ඩොලරයේ අද පවතින මිලට සාපේක්‍ෂව මෙරටට ගෙන්වීමට මාස 1 1/2 ක් පමණ කාලයක් ගත වන බවත්, තවම මිල වෙනසක් සිදු වී නැත්තේ තවමත් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා වන්නේ පැරණි මිලට මිලදී ගත් අමුද්‍රව්‍ය නිසා බවත් පෙන්වා දෙන අතර, ඉදිරියේදී පාරිභෝගිකයාට සහනයක් ලැබෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

views

220 Views

Comments

arrow-up