ඛණිජ තෙල් ලොක්කෙකුගේ අත්තනෝමතික වැඩක් නිසා ඉදිරියේදී තෙල් හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඛණිජ තෙල් ලොක්කෙකුගේ අත්තනෝමතික වැඩක් නිසා ඉදිරියේදී තෙල් හිඟයක්

ඛණිජ තෙල් ලොක්කෙකුගේ අත්තනෝමතික වැඩක් නිසා ඉදිරියේදී තෙල් හිඟයක්

ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකුගේ ප්‍රායෝගික නොවන තීරණයක් හේතුවෙන් රට තුළ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිළධාරියෙක් අනාවරණය කර සිටී.

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් විසින් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී, එහි මූල්‍ය අංශයේ ප්‍රධානියෙකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවට පෙන්වා දෙන එම උසස් නිලධාරියා, පෝය දිනය වන අද දිනයේ බැංකු වසා තැබෙන බැවින් මුදල් ගෙවීමේ අපහසුතා නිසා බොහෝ ඉන්ධනහල් හිමියන් අසීරුතා වලට මුහුණ දුන් බව ද කියා සිටියේය.
 

views

252 Views

Comments

arrow-up