හාම්පුතාගේ ලක්‍ෂ ගානක රන් මාලය හා ඩොලර් 9600ක් ඉස්සූ සේවකයා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

හාම්පුතාගේ ලක්‍ෂ ගානක රන් මාලය හා ඩොලර් 9600ක් ඉස්සූ සේවකයා මාට්ටු

හාම්පුතාගේ ලක්‍ෂ ගානක රන් මාලය හා ඩොලර් 9600ක් ඉස්සූ සේවකයා මාට්ටු

උණවටුන, රූමස්සල සංචාරක හෝටලයක අයිතිකරුගේ රුපියල් විසිපන් ලක්ෂයක් පමණ වටිනා රන් මාලය සහ ඩොලර් 9,600ක් සොරකම් කල එම හෝටලයේ සේවකයෙකු හා මාලය විකිණීමට උදව් කරන ලද ඔහුගේ සහෝදරයාද මාලය මිලට ගන්නා ලද පුද්ගලයා ඇතුලු‍ සැකකරුවන් තිදෙනෙකු 20 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටියේ පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

 

පැමිණිලිකරු වසර දහයක් පමණ ඉතාලියේ සිට පැමිණ උණවටුන -රුමස්සල හෝටලයක් පවත්වාගෙන යමින් සිටියදී හෝටලයට සේවකයෙකු ගැනීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළ කර ඇත. 

 

ඒ අනුව නාවලපිටියේ පදිංචි 22 හැවිරිදි පළමුවන සැකකරු ඉල්ලු‍ම් කර ඇති අතර හෝටල් හිමියා අප්‍රේල් පළමුවන දින ඔහු සේවයට බඳවා ගෙන තිබේ.

 

මෙසේ සිටියදී සැකකරු කළුතර ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීම නිසා සැකකරු සතියකට වරක් ඇය හමුවීමට කලු‍තරට යෑමටද පටන්ගෙන ඇති අතර ඉකුත් 07වනදින රාත්‍රි හෝටල් හිමියා යක්කලමුල්ල ප්‍රදේශයේ මළ ගෙදරකට යෑමට සුදානම්ව ඔහුගේ මාලය සහ ඩොලර් 9600 ප්ලාස්ටික් බඳුනක බහා එය සහල් තිබූ භාජනයේ සඟවා එය ඔහුගේ මිත්තණිය සහ නැන්දා සිටින කාමරයේ තබා ගොස් ඇත.

 

පසුදින උදෑසන ඔහු හෝටලයට පැමිණි අවස්ථාවේ පෙම්වතිය බැලීමට යෑමට අවශ්‍ය බවත් සවස්වීමට පෙර එන බවත් පවසා සැකකරු හෝටලයෙන් පිටව ගොස් ඇතත් පොරොන්දුවු පරිදි තම සේවකයා ආපසු නොපැමිණීම නිසා අවස්ථා කිහිපයකදී ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත්තත් එය විසන්ධි කර තිබිණි. 

 

පසුව සැක සිතී බලනවිට තමා සඟවා තිබූ මාලය සහ ඩොලර් තොගය සොරකම් කරගෙන ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත.

 

 එහිදී සැකකාර සේවකයා සන්තකයේ තිබී ඩොලර් 9200ක්ද තුන්වන සැකකරු සන්තකයේ තිබි උණු කරන ලද මාලයද සොයාගෙන ඇත.

views

635 Views

Comments

arrow-up