විදුලිය නොකියා කැපුවොත් අවුරුදු 5 ක් බරපතළ වැඩ සහිතව හිරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

විදුලිය නොකියා කැපුවොත් අවුරුදු 5 ක් බරපතළ වැඩ සහිතව හිරේ

විදුලිය නොකියා කැපුවොත් අවුරුදු 5 ක් බරපතළ වැඩ සහිතව හිරේ

විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති පසුබිමක කඩාකප්පල්කාරී ලෙස කිසිදු පාර්ශවයකට විදුලිය විසන්ධි කළ නොහැකි බවත් එසේ කළහොත් ඔවුන්ව වසර 5 ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලබා දිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළා

 

ඒසේම මෙම සිරදඬුවමට අමතරව දඩ මුදලක්ද නියම කෙරෙන බවද ඔහු කියා සිටියා.ඒ දඩ මුදල රුපියල් 2000 සිට 5000 අතර නියම කෙරෙනවා.

 

පැය 24 ක කාලයක් විදුලි විසන්ධි කිරීමට යනවා යැයි සදහනක් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පැවසුවද විදුලි කප්පාදු කාලය තීරණය කිරීමේ  බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බවත් ඔහු කියා සිටියා.

views

1459 Views

Comments

arrow-up