නිවසක සිදුවූ පිපිරීමකින් ව්‍යාපාරිකයෙකු බරපතළ තුවාල ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

නිවසක සිදුවූ පිපිරීමකින් ව්‍යාපාරිකයෙකු බරපතළ තුවාල ලබයි

නිවසක සිදුවූ පිපිරීමකින් ව්‍යාපාරිකයෙකු බරපතළ තුවාල ලබයි

ඇල්පිටිය, ඕමන්ත. නාගහතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පෙරේදා (01) සිදුවූ පිපිරීමකින් එම නිවස අයත් ව්‍යාපාරිකයා බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෙලෙස බරපතළ තුවාල ලබා තිබෙන්නේ ඇල්පිටිය නගරයේ රෙදිසාප්පු හිමිකරුවෙකි.

 

ගිනිගැනීම සිදුවූ දිනයේ ඔහුගේ නිවසට සොරුන් පැන බඩුමුට්ටු ගෙන ගිය බවට ලද තොරතුරක් මත ව්‍යාපාරිකයා නිවස පරීක්‍ෂණ කිරීමට ගිය අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බව පරීක්‍ෂණ පවත්වන ඇල්පිටිය පොලිසිය කියයි.
 

views

715 Views

Comments

arrow-up