සුරංඟන ලොවක් පෙන්වා දැරිය වසර ගණනාවක් කෙලෙසූ දෙදරු පියාට ලැබුණු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

සුරංඟන ලොවක් පෙන්වා දැරිය වසර ගණනාවක් කෙලෙසූ දෙදරු පියාට ලැබුණු දඬුවම

සුරංඟන ලොවක් පෙන්වා දැරිය වසර ගණනාවක් කෙලෙසූ දෙදරු පියාට ලැබුණු දඬුවම

විවාහ කරගෙන විදේශ රටක පදිංචියට ගෙන ගොස් සුරසැප දෙන බවට සුරංගනා ලෝකයක් මවා රවටාගෙන අවුරුදු 16කට අඩු බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ විවාහක දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 45ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් කාලය වසර 15කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

 

කාන්තාවන්ගේ ජීවිත දැන දැනම විනාශ කරන එවැනි අයවලුන්ට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය පසුබට නොවන නමුත් විත්තිකරුගේ දරුවෙකු මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින බැවින් ඔහුගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සලකා වසර 45ක සිරදඬුවම වසර 15කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට තීරණය කරන්නේ යැයි එම දඬුවම නියම කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. 

 

මීට වසර 18කට පමණ පෙර එවකට වසර 27ක විවාහකයෙකු වූ එම විත්තිකරු ඔහු නේවාසිකව සිටි නිවස අසල පදිංචිකාරියක් වන 12 හැවිරිදි දැරියක් සමඟ රහසින් සබඳතාවක් පවත්වාගෙන යන අතරතුර විදේශගතවී ඇති බවත් වසර කිහිපයටක පසු නැවත රටට පැමිණ ඇයව දූෂණය කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබුණි. තමන් ගැබිණියක වූ පසු තම පෙම්වතා තමන්ව මඟහරින බව දැනගත් එම දැරිය ඔහුගේ නිවසේ දුරකථන අංකය සොයා දුරකථන ඇමතුමක් ලබාදුන් අවස්ථාවේ ඔහු විවාහක අයෙකු බව දැනගෙන තිබිණි. 

 

ඒ පිළිබඳව ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ ළමා හා කාන්තා කාර්යාංශය, ඔහු වින්දිත දැරියව රවටා ඇත්තේ බාල වයස්කාර අවධියේදී බවට අනාවරණය කර ගැනීමට සමත්ව තිබිණි.

views

692 Views

Comments

arrow-up