“අප්පිරියා නිසා අහක බලාගෙන තමයි පත්වීම ගත්තේ” - ඇමතිකම ගත් හරීන් කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

“අප්පිරියා නිසා අහක බලාගෙන තමයි පත්වීම ගත්තේ” - ඇමතිකම ගත් හරීන් කියන කතාව

“අප්පිරියා නිසා අහක බලාගෙන තමයි පත්වීම ගත්තේ” - ඇමතිකම ගත් හරීන් කියන කතාව

ජනාධිපතිවරයා අතින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු පැවසීය.

 

තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නොගත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා කීවේය.

 

අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවද සඳහන් කළේය.

 

මේ අවස්ථාවේ කළ යුත්තේ “සර් පාස්” කිරීමට වඩා “රට පාස් කිරීම” බව කී ඇමති හරීන් ප්‍රනාන්දු  ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්කිරීම කළ යුතු ආකාරය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් ඇමතිධූරය ලබාගැනීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් කීවේය.

 

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද(20) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරියට කොන්ද කෙලින් තබාගෙන ගොස් කතා කිරීමට හා බැණ වැදීමට තමාට අදටත් හැකියාවක් ඇතැයි ද හරීන් ප්‍රනාන්දු පැවසීය.

views

680 Views

Comments

arrow-up