වෙසක් දිනයේ විදුලිය කැපෙන්නේ නෑ

වෙසක් පොහොය යෙදී තිබෙන හෙට දිනයේ(15) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.
පැය 05ක විදුලි කප්පාදුවක් අද(14) දිනයේද ක්‍රියාත්මක වන බවත් වර්ෂාව ලැබෙමින් තිබීම හේතුවෙන් පැය 10ක 12ක විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බවත් ඔහු කීය.
ඉදිරි සති දෙක තුන තුළ විශාල වර්ෂාවක් ලැබෙන බවට වාර්තා පළවී ඇති බව කී සභාපතිවරයා පැවසුවේ බලාපොරොත්තු වන වැසි ලැබුණ හොත් විදුලි නිෂ්පාදනයෙන් සියයට 60ක් පමණ ජල විදුලියෙන් සම්පූර්ණ කරගැනීමේ හැකියාව ඇති බවයි.
658 Views
Comments