“අම්මා” කියන උතුම් වදන ආරක්‍ෂා වන සේ ජීවත්වෙන්න” - අමුතු ජාවාරමක් කල මවට උසාවියෙන් ලැබුණු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

“අම්මා” කියන උතුම් වදන ආරක්‍ෂා වන සේ ජීවත්වෙන්න” - අමුතු ජාවාරමක් කල මවට උසාවියෙන් ලැබුණු දඬුවම

“අම්මා” කියන උතුම් වදන ආරක්‍ෂා වන සේ ජීවත්වෙන්න” - අමුතු ජාවාරමක් කල මවට උසාවියෙන් ලැබුණු දඬුවම

මවක් ඇගේ දරුවන්ගේ කුසගින්දර නිවිය යුත්තේ අවංකව උපයන මුදලින් මිස අනුන්ගේ දේපළ වංචා කිරීමෙන් නොවන බැවින් මින් මතුවට හෝ ‘අම්මා’ යන උතුම් වචනයේ ගරුත්වය ආරක්‍ෂා වන ලෙස ජීවත්වීමට වගබලා ගන්නා ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය 63 හැවිරිදි දෙදරු මවකට තරයේ අවවාද කළාය.

 

කූට ලේඛන සකස් කර නීතිඥවරයකුට අයත් ඉඩමක් අලෙවි කිරීමට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා හතරකට වැරදිකාරිය කළ චන්‍ද්‍රලතා වීරසිංහ නමැති විත්තිකාර කාන්තාවට වසර 15කට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් හා රුපියල් 10,000 ක දඩයක් නියම කරමින් විනිසුරුවරිය එලෙස තරයේ අවවාද කළාය.

 

63 හැවිරිදි දෙදරු මවක් වන සිය සේවාදායිකාව එම වරද සිදුකර ඇත්තේ මෙයට වසර 20කට පමණ පෙර වන බවත්, ඒ සම්බන්ධයෙන් ඇය අදටත් දැඩි ලෙස කනගාටු වන බවත් පෙන්වා දෙමින් ලිහිල් දඬුවම් නියම කරන ලෙසට විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජීව ගමගේ මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරිය එලෙස ලිහිල් දඬුවම් නියම කළාය.

views

735 Views

Comments

arrow-up