සුරාබදු ආදායමත් රජයට අහිමිවේ.. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

සුරාබදු ආදායමත් රජයට අහිමිවේ.. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයේ

සුරාබදු ආදායමත් රජයට අහිමිවේ.. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයේ

ඉදිරියේදී මෙරටට මත්පැන් වලින් ලැබෙන සුරාබදු ආදායම රජයට නොලැබී යෑමේ දැඩි අවධානම් තත්ත්වයක් මතුව තිබේ.

 

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ දේශීය මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් රට තුළ නිෂ්පාදනය කර ගැනීමට දැඩි බාධා මතු වීම මීට හේතු වී ඇති බවයි.

 

මෙම තත්වය මග හැර ගත නොගතහොත් සුරාබදු ආදායමෙන් මාසිකව සිදුකරන රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු වියදම් රැසක් පියවීමටඹීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද පැවසේ.

 

දැනට මෙරට ප්‍රධාන ස්කාගාර පහක් ආශ්‍රිතව දේශීය මත්පැන් නිෂ්පාදනය කරන අතර එම පෞද්ගලික සමාගම් ද විටින් විට ඔවුන් නිෂ්පාදනයන් සඳහා වන බාධාවන් පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇත.

 

එතනෝක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කරන අතර ඩොලර් හිගය මත ඒවා ගෙන්වීමට බාධාවක් මතුව තිබේ.

views

798 Views

Comments

arrow-up