APR
30
බුදු දහමට අපහාස කරලා - සන්නස්ගලට වසර හතරකට පසු නොතීසි

බුදුරජාණන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදුවන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත උපුල් ශාන්ත සන්නස්ගල මහතාට නොතීසි නිකුත්කර තිබෙනවා.
ඒ අනුව අදාළ ග්‍රන්ථයේ කතෘ වන කන්දේ කපුගේ ශ්‍රීනාත් චතුරංග සහ එය මුද්‍රණය කර බෙදාහැරි උපුල් ශාන්ත සන්නස්ගල යන අයට මැයි මස 20 වන දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (29) නොතීසි නිකුත් කළා.
753 Views
Comments