දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් - ගෘහනියොත් දැඩි අමාරුවේ

ලංක විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටිම් වාර්තා වී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක තහවුරු කළා.
විශේෂයෙන් බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක් සහ ඇතැම් දුර බැහැර ප්‍රදේශයන්හී මෙලෙස විදුලි බිඳ වැටීම් වාර්තා වී ඇති බවද ඔහු පැවසූවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විදුලිබල සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසි සිටිනවා..
මේ හේතුවෙන් මේ දින වල ගෑස් නැති කමින් රයිස් කුකර් ඇතුළු විදුලි උපකරණ භාවිතයෙන් ඉවුම් පිහුම් සිදු කරන ගෘහනියන් රැසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙනවා..
767 Views
Comments