චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් තොගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් තොගයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් තොගයක්

ලබන ජූනි 25 වෙනිදා චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ සහල් තොගයක් ලැබීමට නියමිතව තිබේ.

 

රෙන්මින්බි මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයක පළමු කොටස සහිත නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කලේය.

 

 දෙවන කොටස රැගත් සහල් නෞකාව ලබන 30 වනදා කොළඹට ළඟාවීමට නියමිතය, චීනයෙන් ලබාදෙන එම සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ ලංකාවට ලබා දීමට තීරණය කර ඇත.

 

 මෙරට චීන තානාපති කාර්‍යාලය වැඩිදුරටත් සදහන් කර සිටියේ පාසල් ආහාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්ටොන් 10,000ක් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.

views

681 Views

Comments

arrow-up