විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් නොකෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් නොකෙරේ

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් නොකෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති 300%ක විදුලි බිල ඉහළ දැමීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල ඉදිරිපත් නො කිරීමට තමා තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

 

ඒ සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ වසර තුනකට වරක් විදුලි නිලධාරීන්ගේ වැඩිවන වැටුප් ගෙවීමට විදුලි ගාස්තු වැඩි නොකර පුනර්ජනනීය ව්‍යාපෘති මගින් වියදම අවම කරගත යුතු බවයි.

 

තවද අඩු වියදම් විදුලිබල උත්පාදන ක්‍රම වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අඩාල කිරීමට ඇතැම් වෘත්තිය සමිති කටයුතු කරන බවද අමාත්‍යවරයා චෝදනා කරනවා.

views

792 Views

Comments

arrow-up