පොලිස්පති අධිකරණය හමුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

පොලිස්පති අධිකරණය හමුවට

පොලිස්පති අධිකරණය හමුවට

"ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම" අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන  පරීක්ෂණ වලට අදාළව පෙනී සිටීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.


ඉකුත් දා මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට දන්වා සිටියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පළාතෙන් පිටස්තර ස්ථානයකට ස්ථාන මාරු කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇති බවයි.


එම නිර්දේශයට අදාළව ක්‍රියා නොකිරීම පිළිබඳව අද දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඉකුත් නඩු දිනයේදී පොලිස්පතිවරයා වෙත නියම කර තිබුණා.

views

647 Views

Comments

arrow-up