ගෝඨා ගෝ ගමට ගහන්න ආ ලංගමයේ පාඩුව කෝටි 05

2022 මැයි මස 09 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති නිර්පාක්ෂික අරගලයට පහරදී සාමකාමී අරගලකරුවන්ට ජීවිත හා දේපොළ හානි සිදු කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට මෙන් ම ලාංකික දේශපාලනයට එල්ල වූ මරු පහරක් ලෙස දකින බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙම නිරායුධ අරගලකරුවන්ට පහරදීම සඳහා දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරින් හා දේශපාලඥයින්ගේ අතකොළු බවට පත් වූ ඇතැම් රාජ්‍ය සේවකයින් ද මැදිහත් වී ක්‍රියාකිරීම රටම ගිනි තැබීමට පාලකයින් කටයුතු කළ බවත් එය ජුගුප්සාසහගත ක්‍රියාවක් බව ද එම සමිතිය පෙන්වා දෙනවා.
අදාළ සිදුවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතා වගකිව යුතු උසස් නිලධාරින් පවා සැලසුම්සහගතව එක්වී ඇති බවට මාධ්‍ය මගින් තොරතුරු අනාවරණ වී ඇති පසුබිමක එම ක්‍රියාව සම්බන්ධයෙනොවුන් වෙත ලංගම සේවකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අරගලකරුවන්ට පහරදීමට අමතරව ඇති වූ ගැටුමේ දී ලංගමය සතු රාජකාරි කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලබන වොෂින්ටන් ගෝඨාභය පරිහරණය කරන ලද 32-2281 දරණ ජීප් රිය, ලංගම ආරක්ෂක කළමනාකරු පරිහරණය කළ 32-1990 ජීප් රිය, ගම්පොලැ ඩිපෝ කළමනාකරුගේ නිල රථය වන 59-1934 දරණ වෑන් රිය ද ගිනිතබා සම්පූර්ණයෙන් ම විනාශ කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතිය අවධාරණය කරන්නේ.
මෙම තත්ත්වයෙන් හෙළිව ඇත්තේ රාජකාරී වේලාව තුළ දී දේශපාලන කටයුතු සඳහා අදාළ රථ යොදා ගෙන ඇති බවත් එය සම්පූර්ණයෙන්ම දෝෂදර්ශී ක්‍රියාවක් බවයි.
තවත් ලංගමයේ හානි වූ බස් රථ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම සමිතියේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ, දේශපාලනීකරණය වූ මෙවැනි සිද්ධියක් හේතුවෙන් ලංගමට මේ වනවිට රුපියල් කෝටි 05කට අධික අලාභයක් සිදුව ඇති බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් ලංගම සභාපතිවරයා හෝ ඊට වගකිව යුතු විධායක ශ්‍රේණියේ නිලධාරින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් මෙතෙක් නොගැනීම හේතුවෙන් අදාළ සිද්ධියට සම්බන්ධ පිරිස් තවමත් සිය සේවයේ කටයුතු කරන බවත්, එම සිද්ධිය යටපත් කිරීමට උත්සාහ ගන්න බවත් පෙන්නුම් කරන බව එම සමිතිය විසින් චෝදනා කර සිටිනවා.
1939 Views
Comments