යළිත් ඩීසල් හිඟයක් - විශේෂ අනාවරණයකි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

යළිත් ඩීසල් හිඟයක් - විශේෂ අනාවරණයකි

යළිත් ඩීසල් හිඟයක් - විශේෂ අනාවරණයකි

ඉන්ධනහල් වෙත ඩීසල් බෙදීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

 

රට තුළ යලිත් ඩීසල් හිඟයක් උද්ගතව වීම මීට හේතුව බවයි පැවසෙන්නේ.

 

මේ වන විටත් දිවයිනේ බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව නැවත දිගු ඩීසල්  පෝළිම් හට ගෙන ඇති බව නිරීක්ෂණය වනවා.

 

නැවත ඩීසල් නෞකාවක් මේ මස 28 වැනො දින ඒමට ඇති බවත් ඒ වකවානුව වන තෙක් ඩීසල් සැපයීම මෙලෙස සීමා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

ඉකුත් මැයි 21 වැනි දින අවසන් වරට ඩීසල් නෞකාවක් මෙරට ළඟා වූ අතර එහි ඩීසල් මෙටික්ටොන් 40000 ක් තිබුණු නමුත් එම ඩීසල් තොගයෙන් ප්‍රමාණයක් විදුලි බලාගාරවලට හා පොදු ප්‍රවාහනයට වෙන් කිරීම හමුවේ ඉන් සාමාන්‍ය ජනතාවට බෙදා හරින ඩීසල් තොග මෙලෙස සීමා කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙන්නේ.

views

583 Views

Comments

arrow-up