30 වසරකට පෙර නෝර්වේ යුවළකට දුන් පුතා සිය මව සොයයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

30 වසරකට පෙර නෝර්වේ යුවළකට දුන් පුතා සිය මව සොයයි

30 වසරකට පෙර නෝර්වේ යුවළකට දුන් පුතා සිය මව සොයයි

මීට වසර 30කට පමණ ඉහතදී ඉතා බිලිඳු අවදියේ දරුකමට හදා ගැනීමට නෝර්වේ ජාතික යුවළක් විසින් නෝර්වේ රටට ගෙන ගොස් ලොකු මහත් වූ පසු එම රටේම යුවතියක් සමඟ විවාහ වී සිටින  31ක් හැවිරිදි තරුණයෙක් ලංකාවේ හෝ කොහේ හෝ සිටින තම වැදූ මව සොයා දෙන්නයි ඉල්ලා සිටියි.

 

මෙම තරුණයා විසින් තම මවගේ මතකය අවදිවීම පිණිස ඡායාරූප කිහිපයක්ද එවා ඇත.

 

එම තොරතුරුවලට අනුව තම මව බලංගොඩ රෝහලේදී උපත ලබා ඇති බවත් ඇයගේ වයස මේ වන විට අවුරුදු 49ක් පමණ වන බවත් ඔහු කියයි.

 

මෙම දරුවා ලැබෙන විට ඇයට වයස අවුරුදු 19ක් වන අතර ඇයගේ නම කළුපහනගේ සීතා රංජණීය.

 

ඇය දරුවා ලැබීමට අනුරාධපුර පූලියන්කුලම, ග්‍රාමීය රෝහලකට ඇතුළත්ව තිබේ. 1991 ජනවාරි මස 08 වැනිදා එම රෝහලේදී දරුවා ප්‍රසූත කර තිබේ. 

 

ළදරුවාට සමන් දිසානායක ලෙස නම් තබා ඇත. 

 

උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ අනුරාධපුරය, මහකඩවල, කොට්ඨාසය උප්පැන්න රෙජිස්ට්‍රාර්වරයා යන තොරතුරුය. 

 

ඇයගේ පියා කළුපහනගේ තෙනේරිස් යන නමයි.

 

මෙම මව දැනට සිටී නම් හෝ කිසියම් විස්තරයක් දන්නා අයෙකු සිටී නම් 0772114995 (ඇන්ඩෲ සිල්වා) දුරකථනයට දන්වන මෙන් ඉල්ලා සිටී.

views

1004 Views

Comments

arrow-up