FEB
03
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුත්‍රයා පොලීසියට භාරවෙයි

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට එහි නේවාසිකාගාරයට පැමිණ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා පොලීසියට භාර වී ඇත.
මාධ්‍ය කළ විමසීමකදී රාගම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඔහු ඊයේ රාත්‍රියේ රාගම පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වූ බවයි.
ඔහු පොලීසියට භාරවූයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග බවයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කර ඇත්තේ.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සඳහා තමන්ද පැමිණි බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා එහිදී පොලීසියට පවසා තිබෙනවා.
1075 Views
Comments