මහවැලි ගගෙන් හමුවූ නාඳුනන කාන්තා මළ සිරුර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

මහවැලි ගගෙන් හමුවූ නාඳුනන කාන්තා මළ සිරුර

මහවැලි ගගෙන් හමුවූ නාඳුනන කාන්තා මළ සිරුර

ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී මියගිය කාන්තාවගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

 

පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

 

අවුරුදු 50ක් - 55ක් පමණ වයසැති කාන්තාවක් එලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

එම කාන්තාවගේ බවට සැකකරෙන අත්බෑගයක්ද ගඟ අසල තිබී සොයාගෙන ඇති අතර එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් සහ ඖෂධ කිහිපයක්ද සොයාගෙන තිබේ.

 

මේ වන විට මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

750 Views

Comments

arrow-up