අනියම් පෙමක් ගිනිගනී - තම අනියම් බිරිඳව කපා මැරූ අනියම් සැමියා ගෙල වැළලාගෙන මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

අනියම් පෙමක් ගිනිගනී - තම අනියම් බිරිඳව කපා මැරූ අනියම් සැමියා ගෙල වැළලාගෙන මියයයි

අනියම් පෙමක් ගිනිගනී - තම අනියම් බිරිඳව කපා මැරූ අනියම් සැමියා ගෙල වැළලාගෙන මියයයි

පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර පසුව එම පුද්ගලයාද ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබේ.

 

එම කාන්තාවගේ අනියම් සැමියා බවට සැකකෙරෙන පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 

41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

 

මියගිය කාන්තාව තම දියණිය සමඟ වාසය කර ඇති අතර ඇයගේ නීත්‍යානුකූල සැමියා හැරදා ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

 

ඝාතනය සිදුකළ සැකකරුද ඔහුගේ නිවසට ආසන්න පාළු නිවසක් තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

 

ඔහුද එම ප්‍රදේශයේම පදිංචිව සිටි 41 හැවිරිදි අයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වෙලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

views

1019 Views

Comments

arrow-up