සතිඅන්තයේ පොලීසිය කොළඹ බෝඩිම් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

සතිඅන්තයේ පොලීසිය කොළඹ බෝඩිම් වටලයි

සතිඅන්තයේ පොලීසිය කොළඹ බෝඩිම් වටලයි

එළඹෙන සති අන්තයේදී කොළඹ අවට තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කිරීමේ වැඩසටහනක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

 

මෙහිදී කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල ස්ථිර පදිංචි කරුවන් ගේ නිවාස ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය හෝ පෞද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි,ආයතන ඇතුළු ප්‍රදේශවල පදිංචිව සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන් ගේ තොරතුරු ලබා ගනු ඇති.

 

මෙම වැඩසටහන 14, 15, 16 තෙදින පුරා ක්‍රියාත්මක වේ.

 

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

views

1030 Views

Comments

arrow-up