“නොනවත්වා බැසිල් බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා” - මෛත්‍රී

අද වන විට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා බියගම මුද්‍රණ කර්මාන්තශාලාවේ නොනවත්වා මුදල් අච්චු ගසමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රුපියල් ඇති තරම් මුද්‍රණය කළ හැකි වුවත් ඩොලර් මුද්‍රණය කළ නොහැකි බවත් සඳහන් කර සිටියේය.
අද වන විට ආර්ථික අර්බුදය මූලික කරගනිමින් තවත් අර්බුද ගණනාවකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවත් හෙතෙම පැවසීය.
මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ වත්මන් රජයේ නිසි කළමනාකරණයක් නොමැතිකම බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කරන ලදී.
770 Views
Comments