ගවයින්ට කන්න දෙන්න තෘණ නෑතිව උතුරු ගොවියෝ ළතැවිල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

ගවයින්ට කන්න දෙන්න තෘණ නෑතිව උතුරු ගොවියෝ ළතැවිල්ලේ

ගවයින්ට කන්න දෙන්න තෘණ නෑතිව උතුරු ගොවියෝ ළතැවිල්ලේ

උතුරු පළාත තුළ ගව පාලනයේ යෙදෙන පිරිස් මේ දිනවල දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ. 

 

ඒ තම ගවයින් සඳහා අවශ්‍ය ආහාර සපයාදීමට තෘණ පිට්ටනි නොමැතිකම හේතුවෙනි.

 

මේවන විට ප්‍රදේශයේ මහ කන්නය සඳහා සියලූම ඉඩම් වගාකොට තිබෙන අතර වැව් අමුණු ජලයෙන් පිරී ගොස් ඇත.

 

එම තත්ත්වය තුළ ගව හිමියන්ට තම සත්ත්වයින්ට අවශ්‍ය ආහාර සපයාදීම මහත් ගැටලූවක් වී ඇතැයි ගව හිමියෝ පවසති.

 

ඔවුන් කියා සිටින්නේ වැව් පිටි ජලයෙන් යටව තිබීම හා තෘණ පිට්ටනි නොමැති කමින් තමන් සිය සත්ත්වයින්ට අවශ්‍ය ආහාර සපයා දීමට නොහැකිව ලතැවෙන බවයි. 

 

එමෙන්ම පවතින සීමිත ඉඩ ප්‍රමාණයේ ගවයින් විශාල පිරිසකට ආහාර ලබාදීමට සිදුව ඇති බවත් ඔවූන් සඳහන් කරයි.

 

මෙම තත්ත්වය මත කිරි ලබා ගැනීමට නොහැකිවී ඇති බවත් ඒ නිසා තම කිරි නිශ්පාදන අඩුවී ඇති බවත් ගව හිමියෝ මැසිවිලි නගයි.

views

697 Views

Comments

arrow-up