ආහාර හිඟයක් අත ළඟ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ආහාර හිඟයක් අත ළඟ

ආහාර හිඟයක් අත ළඟ

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා ඊයේ (23) පවසයි.

 

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරය අතහැර නාදුණන වෙනත් අයෙකුට භාරදුන් බවත් එම සිද්ධියට හේතුව තමන්ට ද මේ දක්වා පැහැදිලි නොමැති බවත් මාහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා කීය.

 

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කලේ,

 

"ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් නොවන බවත් වර්තමානයේ වගාබිම් දෙස බැලීමේදී අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන බව කිව හැකි බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති සහ එවැනි දෙයක් සිදු වුව ද එය සැඟවිය යුතු බවට අදහසක් තිබෙන පුද්ගලයෙකුට එම ප්‍රකාශය ආන්දෝලනාත්මක විය හැකි බවත්ය". යනුවෙනි.

views

714 Views

Comments

arrow-up