ඉරානයේ ණය හිලව්වට සිලෝන් ටී යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ඉරානයේ ණය හිලව්වට සිලෝන් ටී යවයි

ඉරානයේ ණය හිලව්වට සිලෝන් ටී යවයි

ඉරානයෙන් මිලදීගත් ඛනිජ තෙල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 251ක මුදලක් වෙනුවෙන් ශ්‍රී ලංකා වැවිලි අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

 

 

මෙම යෝජනා ක්‍රමය යටතේ සෑම මසකම ඩොලර් මිලියන 5 ක් වටිනා තේ ඉරානයට අපනයනය කෙරෙන අතර එමගින් පසුගිය වසර හතර පුරා එරටින් ශ්‍රී ලංකාව ලබාගත් ඉන්ධනවල වටිනාකම ක්‍රමානුකූලව පියවීමට මෙරට බලධාරීන් එකඟවී ඇති බව සඳහන් විය.

 

 

ණය බර ක්‍රමානුකූලව අවම කරගැනීම මෙහි අරමුණයි.

views

712 Views

Comments

arrow-up