DEC
17
අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදොස් කොට නිදහස්

නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේ ය.
විත්තිකරුවට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කළේ ය.
695 Views
Comments