DEC
10
අයවැය අවසාන ඡන්දය අද

ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද(10) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙසේ පැවැත්වෙන්නේ දින 28ක දීර්ඝ විවාදවලින් පසුවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය(අයවැය කථාව ) පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
745 Views
Comments