ජනතාවට එපා වූ පාන්, බනිස්

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස අඩුවී ඇතැයි බේකරි හිමියෝ පවසති.
රෝස්පාන් සහ බනිස් ගෙඩියක් රුපියල් 30ක්, බිත්තර පාන් ගෙඩියක් රුපියල් 60ක් ලෙසද සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යෑමෙන් සෙසු නිෂ්පාදන සඳහා ඉල්ලුමද පහළ ගොස් තිබේ.
පාන් මිල ඉහළ දැමීමට පෙර උදයවරුවේ පමණක් පාන් ගෙඩි 250ක් පමණ අළෙවි කළද මේ වන විට අළෙවි වන පාන් ගෙඩි සංඛ්‍යාව 100ක් පමණ වන බව බේකරි හිමියෙක් කියා සිටියේය.
මෙම තත්වය මත නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත් බවත් බේකරි නිෂ්පාදකයෝ කියති.
752 Views
Comments