පොලිසියට පහර දුන්නු 6 දෙනෙකු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

පොලිසියට පහර දුන්නු 6 දෙනෙකු අල්ලයි

පොලිසියට පහර දුන්නු 6 දෙනෙකු අල්ලයි

සේවයේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහරදී  බරපතළ තුවාල සිදුකල පුද්ගලයින් හයදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පසුගිය ඔක්තෝබර් 4 වන දා දෙපිරිසක් අතර ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය නිලධාරීන් පිරිසකට මෙලෙස මොවුන් පහර දී තිබුණා.

 

පහරදීමෙන් බරපතළ තුවාල ලද එක් නිලධාරියෙකු රෝහල් ගත කෙරුණා.

 

සැකකරුවන් අත් අඩංගුවට ගැනුණේ රාජගිරිය ප්‍රදේශයේ වැඩ බිමක සේවය කරමින් සිටියදීය.

 

ඔවුන්ව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

790 Views

Comments

arrow-up