සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් CIDය නීතිපති උපදෙස් පතයි

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේ සිරිල් ගාමිණී පියතුමන් ඇතුලු පාර්ශව කීපයක් කර ඇති චෝදනාව පිළිබඳව කරුණු වාර්තා කරමිණි.
තවමත් මෙහි විමර්ශන කටයුතු අවසන් වී නොමැති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කඩිනමින් එම පරීක්ෂණ අවසන් කළ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.
833 Views
Comments