සේමිණී ඉද්දමල්ගොඩ හොර රහසේ පවත්වාගෙන ගිය ආයතනය පොලීසිය වටලයි

බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසිනි.
නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබීණී.
ඒ අනුව ඊයේ(16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළේය.
130976 Views
Comments