ගෑස් පිපිරුනේ රජයේ නොහැකියාවෙන් - සජිත්ගෙන් රජයට චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ගෑස් පිපිරුනේ රජයේ නොහැකියාවෙන් - සජිත්ගෙන් රජයට චෝදනා

ගෑස් පිපිරුනේ රජයේ නොහැකියාවෙන් - සජිත්ගෙන් රජයට චෝදනා

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියද, එහෙමත් නොමැතිනම් සමාගම් සේවා අධිකාරියද යන ප්‍රශ්නය මතුව තිබෙන බවත් පාරිභෝගිකයා රැක ගැනීමට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව සඳහන් කල විපක්ෂ නායකවරයා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බව පැවසීය.

 

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරුම් සිදුවීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇතැයි පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවත් පැවසීය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සසුනට අරුණ සංකල්පය මත අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ඉදිකරනු ලැබූ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් කළ කළේය.

views

757 Views

Comments

arrow-up