ගුරු සංගම් තවත් වැඩවර්ජනයකට සැරසෙයි

සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කැබිනට් පත්‍රිකා හරහා විදුහල්පති පත්වීම් දීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
සංගමය විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ විදුහල්පති පත්වීම් තරග විභාගයක් නොපවත්වා සම්මුඛ පරීක්ෂණයකින් පමණක් ලබාදිමේ ක්‍රමවේදයකට අදාල කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත්වී ඇති බවයි.
සම්මුඛ පරීක්ෂණ යනු පුද්ගලානුබද්ධ සාධකයක් බැවින් තරග විභාගයකින් තොරව එම පත්වීම් ලබාදෙන්නේ නම් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවයි රජයේ ගුරුවරුන්ගේ සංගමය අවධාරණය කළේ.
667 Views
Comments